Friday, June 21, 2013

ආදරයක් ළඟ... 01

     

අපි හැමෝම ආදරය කරල තියෙනවනෙ. සමහරුන්ට ඒක සතුට ලබා දෙනව වගේම තවත් සමහරුන්ට දුකක් ලබල දෙනව.පාසල් කාලයේ දී ගොඩක් අය ආදරය පිළිබඳ මුල් ම පාඩම ඉගෙන ගන්නව. මමත් අවංකවම කෙල්ලෙක්ට ආදරය කලා. සතුට වගේම දුකත් වින්ද. ආදරය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්ත.තමන්ගෙ ආදර කතා ප්‍රසිද්ධ කරන එක හොඳ ද නරකද කියන්න මම දන්නෙ නෑ. ඒ කොහොම උනත් මෙන්න මගේ ඒ ආදර කතාව. ආදරයක් ළඟ මම වින්ද දුක, සතුට, වේදනාව.


මම සාමාන්‍යයෙන් යාළුවොත් එක්ක පිස්සුවක් කෙලල ආතල් එකේ ඉන්න කොල්ලෙක්.මට හොදම යාළුවෙක් ඉන්නව.දුකට සැපට ඉන්නෙ ඌ තමයි.ඉතින් අපි 11 වසරට ආවා.ඒ අවුරුද්දෙ පෙබරවාරි මාසෙ අපේ ස්කූල් එකේ හවුස් මීට් තිබුන.අනිත් කොල්ලන්ට ආතල්ම කාලෙ උනාට මට නම් හවුස් මීට් කියන්නෙ මලම ඇණයක්.මම වැඩියෙන්ම අයිස් ගහන කාලෙ ඕක තමයි.ස්කූල් යනවට වඩා කරන්නෙ ගෙදරට වෙලා ඉන්න එක තමයි.
මම සතියෙ දවසක් ඇර දවසක් වගේ ස්කූල් ගියා.ඉතින් ඔහොම ගිය දවසක මට ග්‍රවුන්ඩ් එකේ ඉදල ඇති වෙලා තව කොල්ලො ටිකකුත් සෙට් කරගෙන මම අපෙ ක්ලාස් එකට ගියා.ක්ලාස් එක තිබුනෙ බිල්ඩින් එකේ දෙවෙනි තට්ටුවෙ.අපි ගිහින් කයිවාරුවකුත් දාගෙන ජනේලෙ අයිනෙ ඉද්දි මම දැක්ක කෙල්ලො ටිකක් පුටු ටිකකුත් තියාගෙන පහල වට මේස සාකච්ඡාවක් පවත්වනව.මට ඉතින් මේක දැකල නිකන් කිචි වගේ.මොකද මට මාර උණක් තිබුන කෙල්ලන්ට හුණු කැට වලින් ගහන්න.ඔය කියන වෙලාවෙත් මගෙ අතේ චෝක් කෑල්ලක් තිබුන.මටත් ඉතින් දැන් අර කෙල්ලන්ට ඕකෙන් ගහන්නැතුව ඉන්නම බෑ වගේ (එයාල 9 වසරෙ කියල පස්සෙ දැන ගත්ත)
එතන ගෑනු ළමයි 5 දෙනෙක් විතර හිටිය.ඔන්න මමත් අනිත් කොල්ලො එපා කියද්දි පිටිපස්ස හැරිල හිටපු කෙල්ලෙක්ට චෝක් කැටෙන් ගැහුව.(මම ක්ලාස් එකට ගේන චෝක් පෙට්ටි ගනන් කෙල්ලන්ට ගහල නමක් දිනා ගෙන හිටපු එකෙක් :D) ඉතින් ඒ ගහපු එකත් ඒම් එකට ගිහින් වැදුන විතරයි ඒ කෙල්ලට ඩෝං ගිහින් අපි හිටපු පැත්ත බැලුව විතරයි අපේ සෙට් එකට නිකන් අකුණක් වැදුන වගේ.ඔක්කොම හැංගිලා.මමත් ඉතින් හැංගුනා.ඒත් මට ආයිත් ඒ කෙල්ල දිහා බලන්න හිතිල හොරෙන් බැලුව.අයියෝ සල්ලි. එයා මාව දැක්ක.අරුන් දැන් මාව කන්න හදනව ඒකි ගිහින් මිස් කෙනෙක්ට කියයි කියල.(යක්කුන්ට බය නම් සොහොනෙ ගෙවල් හදන්නෑ කියල උන් දන්නැතුව ඇති)
ඒ කොහොම උනත් ඒ කෙල්ල මට සදාකාලික ප්‍රශ්නයක් ඉතුරු කරල කාටවත් කිව්වෙ නෑ.ඒ ඇයි කියන එක මට තාමත් ප්‍රශ්නයක්.මොකද එයා ඔරවල බලපු විදිහට නම් මම හිතුවෙ ගිහින් හයි කෝට් එකේ නඩුවක් දායි කියල.කොහොම හරි එදා ඒ සිදුවීම අපිට ආබාධයක් නැතුව සමාප්ත උනා.......

මතු සම්බන්ධයි!

0 comments:

Post a Comment