Saturday, October 12, 2013

Windows Logon Screen එක වෙනස් කරමු...


හැමදාම දකින Logon screen එක දැකල ඔයාලටත් එපා වෙලාද? මම නම් ඒකට පොඩ්ඩක්වත් ආස නෑ. ඒක වෙනස් කරගන්න තිබුනනම් මරු නේ.... ඔන්න අද මම ආවේ එකට විසදුමක් අරන්.
මේක පොඩ් සොෆ්ට්වෙයා එකක්. Logon screen එක රෙජිස්ට්‍රියේ පොඩි වෙනස්කම් ටිකක් කරලත් වෙනස් කරගන්න පුලුවන් උනාට ඒක ටිකක් අමාරුයි. අනික වැඩිය නොදැන රෙජිස්ට්‍රි සෙටින්ග්ස් වෙනස් කරන්න හොද නෑ කියල ඔයාල දන්නවනේ. ඒ නිසා මේ සොෆ්ට්වෙයා එකෙන් කරන එක ඇගට ගුණයි.



හරි මුලින්ම පහල ලින්ක් එකෙන් සොෆ්ට්වෙයා එක බාගන්න.

දැන් ඕක ඉන්ස්ටෝල් කරගෙන ඕපන් කරගන්න. ඊටපස්සේ එන වින්ඩෝ එකේ යට තියෙන Browse කියන එක උඩ ක්ලික් කලාම තව වින්ඩෝ එකක් ඕපන් වෙයි. ඒකෙන් ඔයාට ඕනෙ ඉමේජ් එකක් තෝරගන්න. (මතක තියාගන්න මේකෙදි 250Kb වලට වඩා අඩු ඉමේජ් විතරයි දාන්න දෙන්නේ. එකට නම් ඉතින් ෆොටෝෂොප් වලින්වත් සයිස් එක අඩු කරගන්න වෙනවා.)




ඊට පස්සෙ Change Background කියන එක ක්ලික් කලාම Successfully Changed your windows Logon කියල Msg box එකක් පෙන්නනවා. ඒක OK කලාම තව මැසේජ් බොක්ස් එකකින් අහනවා Restart කරන්නද කියල. ඒක yes කලාම Computer එක Restart වෙනවා. දැන් වැඩේ හරි... එහෙනම් ඉතින් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. බායි...

2 comments: