Monday, June 24, 2013

Install Sinhala to N73

N73 එකට සිංහල දාන්නේ මෙන්න මෙහෙමයි

මම කලින් දවසක කියල දුන්නනෙ ෆෝන් එකෙන් නෙට් එකේ සිංහල බලන විදිහ. ඒක කියෙව්වෙ නැත්තන් මෙතනින් ගිහින් කියවන්න. ඒකෙ තිබුනෙ Opera mini එකෙන් බලන විදිහනෙ.අද මම කියල දෙන්න හදන්නෙ කෙලින්ම ෆෝන් එකටම සිංහල යුනිකෝඩ් දාන විදිහ. මෙහෙම කලාම නෙට් එකේ විතරක් නෙමෙයි ෆෝන් එකේ සිංහලෙන් තියෙන ඒව කියවන්නත් පුලුවන්.

හරි.... ඒක කරන්නෙ මෙහෙමයි.

මුලින්ම Iskoola Pota කියන ෆොන්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න.(Click Here to Download). ඊට පස්සෙ ඒකෙ කොපි 4ක් හදාගෙන ඒව පහල තියෙන විදිහට Rename කරන්න.

NOSNR60.ttf
NSSB60.ttf
NSTSB60.ttf
S60ZDIGI.ttf


ඊට පස්සෙ ඒ ටික ෆොන් එකේ මෙමරි කාඩ් එකේ resource කියල තියෙන ෆෝල්ඩර් එක ඇතුලෙ තියෙන fonts කියල ෆෝල්ඩර් එකට Copy කරන්න. That's All.

සැ.යු. -
  • ෆොන්ට් ටික ෆොන් එකට කොපි කරන කොට ෆොන් එක DataCable එක හරහා Computer එකට Mass Storage විදිහට Connect කරල හරි නැත්තන් Memory Card එක Reader එකකින් කනෙක්ට් කරල කොපි කරන්න.
  • මේ ටික ෆෝන් මෙමරි එකටම කොපි කිරීමෙන් වලකින්න.
  • resource folder එක තුළ fonts යනුවෙන් ෆෝල්ඩර් එකක් නැත්තන් එම නමින් ෆෝල්ඩර් එකක් හදා ගන්න.
  • iskoola pota ෆොන්ට් එක හැර වෙනත් ෆොන්ට් එකක් දැමීමට අවශ්‍ය නම් ඒ සඳහා යුනිකෝඩ් ෆොන්ට් පමණක් භාවිතා කරන්න (නැතහොත් ඔබගේ සම්පූර්ණ දුරකථකයම සිංහල බවට හැරී ඔබගේ මොලේ කොලොප්පන් වී මාගේ දෙමාපියන් සිහිවනු ඇත.)
  • මේ ආකාරයට ඔබට අවශ්‍ය නම් වෙනත් ඉංග්‍රීසි ෆොන්ට් එකක් වුව ද භාවිතා කළ හැක.
මෙන්න මම Rename කරපු ෆොන්ට් 4 දැම්ම. කැමති නම් කෙලින් ම ඒක බාගෙන දාගන්න

සිංහලෙන් ටයිප් කරන්න අවශ්‍ය නම් කරුණාකර මා පෙර දිනක දුන් ඇප් එක බාගන්න.
ඒ පෝස්ට් එකට මෙතනින් ගිහින් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.

වෙනත් ප්‍රශ්න තිබේනම් නොපැකිලිව විමසන්න. එහෙනම් මම ගියාවෙ

2 comments: