Thursday, March 14, 2013

..::කම්පියුටරේ Shutdown කරන්න Shortcut එකක් හදමු::.. (අතිශයින්ම කම්මැලියන්ට පමණයි)




Start ගිහින් කම්පියුටරේ Shutdown කරනවට වඩා ඩෙස්ක්ටොප් අයිකන් එකකින් Shutdown කරන්න තිබුනනම් නියමයි නේද?එහෙනම් අද කියල දෙන්නෙ ඒක කරන විදිහ.

මුලින්ම ඩෙස්ක්ටොප් එකේ රයිට් ක්ලික් කරල New > Shortcut සිලෙක්ට් කරගන්න.(පහල රූපය බලන්න)


දැන් එන වින්ඩෝ එකේ තියෙන text box එකේ පහල රතු පාටින් තියෙන කෝඩ් එක ටයිප් කරන්න.

වින්ඩෝස් xp සදහා  %windir%\System32\shutdown.exe -s
වින්ඩෝස් 7 සදහා    shutdown.exe -s -t 00



ඊට පස්සෙ Next දෙන්න.එතකොට එන වින්ඩෝ එකේ කැමති නමක් දීල finish දෙන්න.

දැන් හරි.ඕනි නම් අයිකන් එකත් ලස්සන එකක් දාගන්න.
ඒක කරන්නෙ මෙහෙමයි.එක උඩ රයිට් ක්ලික් කරල Properties වලට යන්න.
ඒකෙ Customize කියන ටැබ් එක සිලෙක්ට් කරගෙන පහල රූපෙ තියෙන විදිහට Change Icon උඩ ක්ලික් කරන්න.ඒ එන වින්ඩෝ එකෙන් කැමති එකක් තෝරල  ok කරන්න.


අපිට ඕනිනම් Restart,Hibernate,Sleep කරන්න හදාගන්නත් පුලුවන්.කරන්න තියෙන්නෙ shutdown.exe -s -t 00 වෙනුවට පහල දීල තියෙන කෝඩ් ටයිප් කරන එක විතරයි.ඒත් එහෙම කරන්න පුලුවන් 7 වලදි විතරයි.

Restart කරන්න       shutdown.exe -r -t 00
Hibernate කරන්න  rundll32.exe PowrProf.dll,SetSuspendState
Sleep කරන්න             rundll32.exe PowrProf.dll,SetSuspendState 0,1,0

එහෙනම් එච්චරයි.කමෙන්ට් එකකුත් දාලම යන්න.

2 comments: