Monday, March 11, 2013

..::සොෆ්ට්වෙයා නැතුව ෆෝල්ඩර් හංගන්නෙ මෙහෙමයි ::..


තමන්ගෙ කම්පියුටර් එක වෙන කෙනෙක් පාවිච්චි කරනවනම් තමන්ගෙ පෞද්ගලික දේවල් ආරක්ෂා කරගන්න එක ලොකු ප්‍රශ්නයක්නෙ.ඒකට ඉතින් එක්කො පාස් වර්ඩ් දාන්න ඕනෙ, නැත්තම් හංගන්න ඕනෙ.ෆයිල්,ෆෝල්ඩර් හංගන්න සොෆ්ට්වෙයා ඉන්ටනෙට් එකේ ඕනි තරම් තියෙනව.ඒත් මම අද කියල දෙන්න සොෆ්ට්වෙයා නැතුව ෆෝල්ඩර් හංගන්න විදිහක් ගැන.මේක දන්න අයත් ඇති.මම කියල දෙන්නෙ නොදන්න අයට.එහෙනම් පටන් ගමු.


මුලින්ම හංගන්න ඕනෙ ෆයිල් ටික ඔක්කොම එක ෆෝල්ඩර් එක් ඇතුලට දාගන්න.ඊට පස්සෙ ඒ ෆෝල්ඩර් එක උඩ රයිට් ක්ලික් කරල Properties වලට යන්න.ඒකෙ Customize කියන ටැබ් එක සිලෙක්ට් කරගෙන පහල රූපෙ 1 රූපෙ තියෙන විදිහට Change Icon උඩ ක්ලික් කරන්න.එතකොට 2 රූපෙ වගේ එකක් එයි.2 රූපෙ පෙන්නල තියෙන විදිහට අයිකන් එකක් නැති තැනක් සිලෙක්ට් කරන්න.ඒක ok කරාම ෆොල්ඩර් එක අයිකන් එකක් නැති වෙනව.


ඒත් ඉතින් නම පේනවනෙ.(පහල රූපය බලන්න)


ඒකට මොකද කරන්නෙ.ඒකට මෙහෙම කරන්න.ෆෝල්ඩර් එක උඩ රයිට් ක්ලික් කරල rename තෝරන්න.ඒකෙ තියෙන නම මකල Alt කී එක ඔබාගෙන නම්බර් පෑඩ් එකේ තියෙන 9 ඉලක්කම අට පාරක් ඔබන්න.ඊට පස්සෙ Enter කරන්න.එතකොට පහල රූපය වගේ නමකුත් නැති අයිකන් එකකුත් නැති ෆෝල්ඩර් එකක් හැදිල තියෙනව.






දැන් ෆෝල්ඩර් එක නම් හයිඩ් වෙලා.එත් ඕක කාට හරි මාට්ටු වෙයි කියල හිතනවනම් ආරක්ශාව තර කරමු.පහල රූපෙ විදිහට හිස් තැනක රයිට් ක්ලික් කරල Arrange Icons By ගිහිල්ල Auto Arrange ඔප්ශන් එක ඩිසේබල් කරන්න.

ඊට පස්සෙ ෆෝල්ඩර් එක වින්ඩෝ එකේ යටටම drag කරන්න.ඊලගට ඒක උඩ රයිට් ක්ලික් කරල Properties වලට Hidden කියන එක සිලෙක්ට් කරල ok කරන්න.
දැන් ඉතින් ෆෝල්ඩර් එක ලොවෙත් නෑ.
 

එච්චරයි. එහෙනම් ඉතින් යන ගමන් කමෙන්ට් එකකුත් දාල කොල්ලව දිරිමත් කරගෙනම යන්න.අලුත් පෝස්ට් එකකින් ආයිත් සෙට් වෙමු.

2 comments:

  1. එල කිරි වගේ වැඩ

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එකට ස්තුතියි

      Delete