Friday, April 12, 2013

N73 හැක් කරන්නෙ මෙහෙමයි


මම N73 එක ගත්ත දවස් වල එක පාරක් මම ගේම් එකක් ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරන්න හදද්දි මෙහෙම Error එකක් ආවා.

ඒ දවස් වල මම ඒ ෆෝන් එක ගැන එච්චර දැනන් හිටියෙ නෑ.ඉතිං මම ඒක ගේම් සෙටප් එකේ අවුලක් වෙන්න ඇති කියල හිත හද‍ා ගත්ත.
ආයිත් දවසක් ඇප් එකක් ඉන්ස්ටෝල් කරන්න හදද්දි අර Error එක්ම ආව.එදා නම් ඉතින් මට මල.ඇයි යකෝ මගේ ෆෝන් එකට මට ඕනෙ විදිහට ඇප් ගේම් දානන් බැරි නම් වැඩක් තියනවයැ.
ඒක නිසා මම Google දෙවියන්ගෙන් උදව් ඉල්ලුවම උන්නාන්සේ මට මේ ක්‍රමය පෙන්නල දුන්න.ඔයාලටත් මේ අවුල තියෙනවනම් මෙන්න විසදුම.



මේක කරන්න අපිට පොඩි ටූල්ස් ටිකක් ඕනෙ වෙනව.
1.CProfDriver_SISX.ldd
2.InstallServer.exe
3.Secman v1.10.sis
4.X-plore


මුලින්ම ඔය ටික මේ ලින්ක් එකෙන් බාගන්නකො.


ඊට පස්සෙ ඒක Extract කරල ඒ ෆයිල් 4ම මෙ‍මරි කාඩ් එකට කොපි කරගන්න.
දැන් මුලින්ම Secman v1.10.sis ඉන්ස්ටෝල් කරගෙන ඕපන් කරල ඒකෙන් දෙන උපදෙස් පිළිපදින්න.ෆොන් එක reboot වෙන්න ඇහුවම ok කරන්න.
reboot උනාම ආයිත් Secman ඕපන් කරල පහල රූපෙ යිදිහට Option වල Install root Certificate එකයි Turn plat. Security OFF එකයි ක්ලික් කරන්න.


ඊලගට X-plore ඕපන් කරල Menu>Tools>Configarations යන්න(Shortcut key=0).
එතකොට මේ වගේ එකක් එයි.


උඩ රූපෙ විදිහට චෙක් බොක්ස් 4 ටික් කරල back වෙන්න.ඊටපස්සෙ CProfDriver_SISX.ldd එකයි InstallServer.exe එකයි C:\sys\bin එකට කොපි කරන්න.
දැන් ඔයා ෆෝන් එක හැක් කරල ඉවරයි.දැන් ඔයාලට ඕන කුණු ගොඩක් කිසිම කරදරයක් නැතුව ඉන්ස්ටෝල් කරන්න පුලුවන්. මම මේක සාර්ථකව N73 ME එකට කලා.ඔයාල වෙන් එකකින් කරල හරි ගියොත් මටත් කියන්න.

2 comments:

  1. mchn mama mage nokia 6120c eka hack kranawa.hack karata passe secmen,xplore tool 2 delete karata kamak nadda?
    Mail me gunasekara.binura@gmail.com

    ReplyDelete
    Replies
    1. කමක් නෑ ඇනෝ. ( සමාවෙන්න පරක්කු උනාට)

      Delete