Wednesday, June 12, 2013

දන්න ඇන්ඩ්‍රොයිඩ් ගැන නොදන්න දේවල් ටිකක්


ඇන්ඩ්‍රොයිඩ් (මෙහෙයුම් පද්ධතිය‍)
ඇන්ඩ්‍රොයිඩ් යනු ඇන්ඩ්‍රොයිඩ් නම් සමාගම විසින් ජංගම උපකරණ සඳහා නිපදවන ලද මෙහෙයුම් පද්ධතියකි. ඇන්ඩ්‍රොයිඩ් සමාගම වසර 2003 දි ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියා නුවර පාලෝ ඇල්ටෝ හිදී ඇන්ඩි රුබින්, රිච් මයිනර්, නික් සියර්ස් හා ක්‍රිස් වයිට් විසින් ආරම්භ කරන ලදි . 2005 අගෝස්තු මාසයේ  දී ගූගල් සමාගම විසින් ඇන්ඩ්‍රොයිඩ් සමාගම මිලදී ගන්නා ලදී. ලිනක්ස් කර්නලයෙහි සංස්කරණය කරන ලද අනුවාදයක් වන ඇන්ඩ්‍රොයිඩ්, විවෘත හා නිදහස් මෙහෙයුම් පද්ධතියක් ලෙස බෙදා හරිනු ලබයි. ඇන්ඩ්‍රොයිඩ් සතුව දුරකථනවල ක්‍රියාකාරිත්වය වැඩි කරන යෙදවුම් මෘදුකාංග ("apps")  ක්‍රමලේඛනය කරන මෘදුකාංග සංවර්ධකයන්ගෙන් සැදුම් ලත් අති විශාල සමූහයක් සිටී. දැනටමත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වන යෙදවුම් මෘදුකාංග 250,000 කටත් අධික ප්‍රමාණයක් ලබාගත හැක.


විවෘත ජංගම උපකරණ සහයොගීතාවය
2005 නොවැම්බර් 5වෙනි දින "විවෘත ජංගම උපකරණ සහයොගීතාවය" නම් වූ හමුවක් ජංගම උපකරණ නිපදවන සමාගම් රැසක සහයෝගීත්වයෙන් ඇතිකරගන්නා ලදී. එම සමගම් නම් බ්‍රොඩ්කොම් සමාගම , ගූගල්, එච්.ටී.සී, ඉන්ටෙල්, එල්.ජී, මාවෙල් තාක්ෂනින එකමුතුව,මෝටරෝලා, එන්වීඩියා, ක්වල් කොම්,සැම්සුන්, නෙක්ස්ට්ටෙල්, ටී-මොබයිල් සහ ටෙක්සාස් උපකරණ සමාගමයි.මේ එකමුතුවේ අරමුණ වුයේ ජංගම දුරකථන සදහා විවෘත ක්‍රමවේදයක් සකස් කර ගැනීමයි.එදිනම විසින් තම ප්‍රථම නිපයුම වන ඇන්ඩ්‍රොයිඩ් නැමති ලිනක්ස්  නිකුතු 2.6 මත ගොඩනගනූ ලැබු ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය එලි දක්වන ලදී. 2008 දෙසැම්බර් 9 දින තවත් සමාගම් 16ක් මීට ඇතුලත් විය. ඒ අතර වෝඩෆොන් , හුවාවි සහ තවත් සමාගම් වෙයි.

ලියාපදිංචිය
ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය, 2008, ඔක්තෝම්බර් 21 දින සිට " නිදහස් සහ විවෘත කේත මෘදුකාංග වරපත" යටතේ සියලු දෙනාට නිදහස්ව භාවිතා කල හැකි ලෙසට නිකුත් කරන ලදී. එහි සම්පූර්ණ කේතයද(දුරකථන හා ජාලකරණ කේතයන්ද ඇතුලු ) "අපාෂ් වරපත" යතතේ නිකුත් කරන ලදී. හඳුනාගනු ලැබූ මෘදුකාංග දෝෂ ලැයිස්තුවක් ද ගූගල් විසින් ප්‍රසිද්ධියේ පවත්වාගෙන යනු ලබයි.

වැඩි විස්තර ඇතුලත් e-book එක මෙතනින් බාගන්න


0 comments:

Post a Comment