Friday, June 14, 2013

N73 "Memory full. Delete some data!" problem Solution


N73 පාවිච්චි කරන අය sms, Game, Applications වගේ මොකක් හරි ඕපන් කරන්න හදද්දි මෙහෙම එරර් මැසේජ් එකක් ඇවිල්ල ඇති. "Memory full. Delete some data!" අයියෝ සල්ලි...... එපා වෙනව ඉතින් ඔහොම එද්දි. මටත් වෙලා තියෙනව. එහෙම වෙන්නෙ N73 එකේ ROM එකේ ඉන්ස්ටෝල් කරල තියෙන Lifeblog කියන කිසිම වැදගම්මකට නැති ඇප් එකක්. මට ඕක හදාගන්න එදා මට පිහිටට ආවෙ හැමදාම මගේ ළගින් ඉන්න Google දෙවිය ම තමයි. මම හිතුව ඔයාලටත් කියල දෙන්න.


මේක කරන්න අපිට පොඩි ඇප්ලිකේශන් දෙකක් ඕනෙ වෙනවා.
(ඩවුන්ලෝඩ් කරන්න නම උඩ ක්ලික් කරන්න)

දැන් ඒ දෙක ඉන්ස්ටෝල් කරගෙන මුලින් ම Jbaktaskman එක ඕපන් කරන්න.ඊට පස්සේ Tools > Processes ගිහින් LifeblogDBSERVER.exe කියන එක හොයාගන්න.ඊට පස්සේ Terminate Process කියන එක ක්ලික් කරන්න.



ඒක කලාට පස්සේ X-plore ඕපන් කරල Menu > tools > configuration යන්න (Shortcut key = 0).ඒකෙ මුලින්ම තියෙන 4ට ම ටික් දාන්න.
  1. Select Show Hidden files
  2. Select Show Romdrives
  3. Select Show Ram drives
  4. Select Show system files/Folders

දැන් c > data > lifeblog > database ගිහින් lifeblog.db කියන එක ඩිලිට් කරන්න.

ඊට පස්සේ Phone එක Restart කරල ආයිත් jbaktaskman එක ඕපන් කරන්න.ඊට පස්සේ Tools > Processes ගිහින් LifeblogDBSERVER.exe කියන එක හොයාගෙන Terminate Process කියන එක ක්ලික් කරන්න.

ආයිත් c > data > lifeblog > database ගිහින් lifeblog.db එකේ attributes එකේ hidden සහ read only දෙකට ටික් දාන්න.


ආයිත් Phone එක Restart කරල jbaktaskman එකෙන් LifeblogDBSERVER.exe එක හොයන්න. ඒක නැත්නම් වැඩේ හරි. ඒක තියෙනවනම් කොතන හරි වැරදිලා ඇති.

දැන් හරි. ආයි නම් ඇණයක් වෙන්නෙ නෑ. එහෙනම් ඉතින් නිකම්ම යන්නේ නැතුව කමෙන්ට් එකක් එහෙම දාල යන්න. C U Later..........

තව කියන්න දෙයක තියෙනව. ඔය දීල තියෙන ඇප් ඉන්ස්ටෝල් වෙන්නෙ නැත්නම් ෆෝන් එක හැක් කරන්න වෙනව. හැක් කරන විදිහ දැනගන්න මෙතනින් යන්න.

0 comments:

Post a Comment