Friday, June 14, 2013

සුපිරිම මොබයිල් ඇප්ස් ටිකක්....




මෙන්න මම ගෙනාව ගොඩක් ප්‍රයෝජනවත් මොබයිල් ඇප්ස් ටිකක්.මේවා මම N73 එකේ නම් try කරල බැලුව.ඒකෙ නම් සුපිරියටම වැඩ.පහලින් දාන්නම් විස්තර ටික.

ඩවුන්ලෝඩ් කරගන්න නම උඩ ක්ලික් කරන්න


Animator
N73 එකේ ස්ක්‍රීන් සේවර් එකට ඇනිමේශන් දාන්න බෑ කියල දන්නව ඇතිනේ.මටත් ෆෝන් එක ගත්ත දවස් වල ඒක ලොකු අඩුපාඩුවක් උනා.ඉන්ටර්නෙට් එකේ රවුමක් ගහල අන්තිමට වැඩේ ගොඩ දා ගත්ත.
මේක පොඩි ඇප් එකක්.මේකෙන් swf ෆෝමැට් එකේ ඇනිමේශන් ස්ක්‍රීන් සේවර් එක විදිහට දාගන්න පුලුවන්.බාගෙනම බලන්න.


N73 එකේ වෝල් පේපර් එක ෆුල් ස්ක්‍රීන් දාන්න බෑ කියල දන්නව ඇතිනේ.මම ෆෝන් එක ගත්ත දවස් වල ඒක ලොකු අඩුපාඩුවක් උනා.ඉන්ටර්නෙට් එක පීරල අන්තිමට මේක හොයා ගත්ත.
මේක පොඩි ඇප් එකක්.මේකෙන් වෝල් පේපර් එක ෆුල් ස්ක්‍රීන් දාන්න පුලුවන්.බාගෙනම බලන්න.

Free I-SMS

මේක ෆෝන් එක ලස්සනට තියාගන්න කැමති අයට විශේෂයි.මේක I-Phone SMS style එක විදිහට හදපු ඇප් එකක්.සිකින් එක ඕනි නම් මාරු කරන්න පුල්වන්.ස්කින් පැක් ටිකකුත් මේකෙ ඇතුලෙම තියෙනව.
Skin දාගන්නෙ මෙහෙමයි.Skin Pack එක Extract කරල ඒ ෆෝල්ඩර් ටික I-SMS install කරපු ෆෝල්ඩර් එක ඇතුලෙ තියෙන Skins කියන ෆෝල්ඩර් එක ඇතුලට කොපි කරන්න.(උදා.c>FreeiSMS>Skins)ඊට පස්සෙ ඇප් එක ඕපන් කරල සිකින් මාරු කරන්න පුලුවන්.

කෙටියෙන්ම කියනවනම් මේක Task Manager එකක්.එහෙම කිව්වම තේරෙනවනෙ.Computer Task Manager එකේ වගේම මේකෙන් වැඩ කරන්න පුලුවන්.මේකත් බාගන්න.

මේක අපි කවුරුත් දන්න මධුර ඩික්ෂනරිය වගේ ඉංග්‍රීසි සිංහල ශබ්ධකෝෂයක්.ඩික්ෂනරියක් අතේ ගෙනියන්න බැරි නිසා මේක ගොඩක් වටිනව.

Microsoft Office Package එක වගේ එකක්.ඒත් තියෙන්නෙ Word,Exel විතරයි.ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

Nimbuzz ගැන නම් හැමෝම දන්නව ඇතිනෙ.මේක චැට් කරන්න පුලුවන් ඇප් එකක්.ඒ කියන්නෙ ෆේස් බුක්,ට්විටර් වගේ සෝෂල් නෙට්වර්ක් වල විතරක් නෙමෙයි.Nimbuzz Group Chat කරන්නත් පුලුවන්.ලෝකෙ එක එක රටවල් වල අය එක්ක චැට් කරන්න පුලුවන්.පට්ට පට පට.


ටෝර්ච් එකක් නැති කළුවර වෙලාවට නම් මේකෙ වටිනාකම කියල නිම කරන්න බෑ.කැමරා ෆ්ලෑෂ් ලයිට් එක ඔන් එකේම තියාගන්න මේකෙන් පුලුවන්.ඒ විතරක් නෙමෙයි ඔයාලට ඕනිනම් Display ලයිට් එකත් ඔන් කරල තියාගන්න පුලුවන්.


ෆෝන් එකේ Screen Shot ගන්න මේකෙන් පුලුවන්.මම පාවිචිචි කරන්නෙත් මේකක්.ඇතුලෙ දෙකක් තියෙනව.ඔයාලට හොද එකක් ‍තෝරගන්න.


මේකෙන් Singlish ඒ කියන්නෙ SMS භාෂාවෙන් ටයිප් කරන වචන සිංහල යුනිකෝඩ් වලට පරිවර්තනය කර ගන්න පුලුවන්.ඕනිනම් සිංහල යුනිකෝඩ් Singlish වලට පරිවර්තනය කර ගන්නත් පුලුවන්.


මේක නම් සුපිරිම Player එකක්.මේකෙAVI,MP4,FLV,3GP වගේ ගොඩක් ෆෝමැට් Play වෙනව.ෆිල්ම් එකක් උනත් බලන්න පුලුවන්.සබ්ටයිට්ල් බලන්නත් පුලුවන් කියල කියනව.ඒත් මම නම් තාම ඒක කරල බලල නෑ.කවුරු හරි කලොත් මටත් කියන්න.

Android OS එකත් එක්ක එක MP3 Player එක තමයි TTPOD කියන්නෙ.මේකෙ වැඩ ගොඩයි.Lyrics Viewer එකක් තියෙනව,Album Art එක පෙන්නනව,Lyrics,Album Art Auto search කරල Download වෙනව වගේ වැඩ ගොඩක් තියෙනව.සවුන්ඩ් එකත් නියමයි.මම නම් කැමතිම Player එක මේක.ඔයාලත් කැමති වෙයි.


මේක ෆයිල් බ්‍රව්සර් එකක්.කරන්න පුලුවන් වැඩ නම් ගොඩක් තියෙනව.සිස්ටම් ෆයිල් බලන්න;එඩිට් කරන්න,ෆයිල් හයිඩ් කරන්න වගේ වැඩ ගොඩක් තියෙනව.බාගෙනම බලන්න.

ඔය ඔක්කොම එක පාර ඩවුන්ලෝඩ් කරගන්න ඕනෙ නම් මේ ලින්ක් එකෙන් යන්න

ගේම් ටිකකුයි තීම් ටිකකුයි ළගදි ම දාන්නම්. එහෙනම් මම ගියා. කමෙන්ට් කරන්න අමතක කරන්න එපා

3 comments:

  1. niyamai machan great job

    ReplyDelete
  2. here is my favorite app
    http://kpgtharaka.blogspot.com/2009/12/remote-tv.html

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඒකත් නියමයි තමයි. මාත් පාවිච්චි කරල තියෙනවා

      Delete