Wednesday, January 15, 2014

ShutDown PC Automatically...



ඔයාලට මතක ඇතිනේ මම කලින් දවසක් දුන්න මම විෂුවල් බේසික් වලින් හදපු පොඩි ගේම් එකක්. ඉතින් කාලයක් තිස්සේ මම ප්‍රෝග්‍රැමින් අත ඇරල දාල හිටිය. ඔන්න ඉතින් හිතුන ආයි පටන් ගන්න ඕනෙ කියල.
මේ පාර මම හැදුවෙ ගොඩක් ප්‍රයෝජනවත් වෙන සොෆ්ට්වෙයා එකක්. මම මේක නම් කලේ Power Timer කියල. මේකෙන් කෙරෙන දේ ගැන මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්.


අපි සමහර වෙලාවට අපේ පරිගණක ඔන් එකේ තියෙද්දි එක්කො කොහෙ හරි යනව. නැත්තම් නිදා ගන්නව. උදාහරණයක් විදිහට අපි ලේට් නයිට් ඉන්ටර්නෙට් පැකේජ් පාවිච්චි කරද්දි රෑ 12ට විතර නැගිටල ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් වෙන්න දාල ආයිත් නිදාගන්නව. ඒත් ෆිල්ම් එක පැයකින් දෙකකින් ඩවුන්ලෝඩ් වෙලා ඉවර උනත් කම්පියුටර් එක උදේ අපි ඇහැරෙනකනුත් ඔන් එකේ. එතන වෙන්නේ විදුලි බලය නිකරුනේ අපතේ යෑමක්.

ඉතින් මේ සොෆ්ට්වෙයා එකෙන් අපිට පුලුවන් අපිට කැමති වෙලාවක කම්පියුටර් එක ඔටෝ ඕෆ් වෙන්න හදන්න. ඒ කියන්නේ අපිට පාන්දර 3ට කම්පියුටර් එක ඕෆ් කරන්න ඕනෙ නම් කරන්න තියෙන්නේ ඒ අවශ්‍ය වෙලාව මේකෙ තියෙන බොක්ස් එකේ ඒ වෙලාව සදහන් කරල අදාල ඔප්ෂන් එක තෝරන්න විතරයි.
මේකෙ තියෙන තව විශේෂ දෙයක් තමයි අපිට ඕනෙ නම් කම්පියුටර් එක ShutDown කරන්න විතරක් නෙමෙයි Restart, LogOff වෙන්න හදන්නත් පුලුවන්.

මේක මම තව දියුණු කරන්න උත්සාහ කරනව. මේක ඩවුන්ලෝඩ් කරගෙන අත්හදා බලල ඔයාලගේ අදහස් මට කියන්න පුලුවන් නම් ලොකු උදව්වක් වෙයි.

එහෙනම් මෙන්න ඩවුන්ලෝඩ් ලින්ක් එක. ( size = 67 kb )

ඔන්න මම ස්ක්‍රීන් ෂොට් ටිකකුත් දැම්ම.




කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.

6 comments:

  1. ela man try karalala balala heta udeta kiyannam
    (kumara2025)@geek.lk

    ReplyDelete
    Replies
    1. මේක මචන් මුල්ම වර්ෂන් එක. මං අලුත් එකකුත් හැදුව. ඒක ගන්න

      http://tmallinone.blogspot.in/2014/02/shutdown-pc-automatically-version-2.html

      Delete
  2. ෂා ඔයා මාර Programmer කෙනෙක්නේ!

    ReplyDelete
  3. උඹ හිතන්නේ අපි බබ්බු කියලද ඕක freevbcode.com එකෙන් අරන් මාත් edit කරලා තියෙනවා. තමන් හැදුවා කියලා නිකන් ලොකු seen දෙන්න එපා. තනියම cal එකක් හදලා දාපිය! ඔයිට වඩා නම්බුයි!

    ReplyDelete
    Replies
    1. මචන් උඹ පිරිමියෙක් නම් කෙලින්ම නමින් කමෙන්ට් කරපන්.... මම අවංකවම වෙන එවුන්ගේ ඒවට මගේ නම දාගන්න යන්නෙ නෑ. මේක මමම මහන්සි වෙලා හදපු එකක්

      Delete