Saturday, February 15, 2014

Delete Temporary files On Computer Startup


අද මම කියල දෙන්න ආවේ පොඩි නෝට්පෑඩ් ට්‍රික් එකක්. ඔයාල දන්නවනේ අපේ කම්පියුටර්වල ටෙම්පරි ෆයිල් තොග පිටින් පිරුනම ස්ලෝ වෙනවා කියල. ඒත් අපිට ඕව ඩිලිට් කරන්න මතක් වෙන්නෙ නෑ. ඒක නිසා මම අද කියල දෙන්න යන්නේ කම්පියුටර් එක බූට් වෙන කොටම ටෙම්පරි ෆයිල් ඔටෝ ඩිලිට් කරන්න ක්‍රමයක්. 


හරි. මුලින්ම නෝට්පෑඩ් එක ඕපන් කරන්න. දැන් පහල තියෙන කෝඩ් එක කොපි කරගෙන නෝට්පෑඩ් එකට පේස්ට් කරන්න. (කිසිම වෙනසක් කරන්න එපා).

cd C:\Users\%username%\AppData\Local
rmdir /S /Q Temp



දැන් නෝට්පෑඩ් එක සේව් කරන්න. සේව් කරන කොට Name එකට cleantemp.bat කියල දීල File Type එක All Files කියල දීල කැමති තැනක සේව් කරන්න. (උදා. ඩෙස්ක්ටොප් එකේ)



දැන් මේ විදිහෙ එකක් හැදිල ඇති....



ඔයාලට ඕක හදන්න කම්මැලි වගේනම් මෙන්න තියෙනවා මම හදපු එකක්. ඒක බාගන්න



දැන් මේකයි කතන්දරේ... ඔයාල ඕක ඔතනම තියල ඩබල් ක්ලික් කලත් ටෙම්පරි ෆයිල් ඩිලිට් වෙනවා. ඒත් බූට් වෙද්දි ඔටෝ ඩිලිට් වෙන්න හදන්න ඕනෙ නම් මෙහෙම කරන්න.

Start එකට ගිහින් Startup කියන ෆෝල්ඩර් එක හොයාගෙන ඒක උඩ රයිට් ක්ලික් කරල Open කියන එක ක්ලික් කරන්න.



ඊට පස්සේ අපි කලින් හදාගත්ත cleantemp.bat එක ඒ ෆෝල්ඩර් එකට කොපි කරන්න. දැන් හරි. 

හොදයි කියල හිතෙනවනම් කමෙන්ට් එකක් ලයික් එකක් දාගෙනම යන්න

0 comments:

Post a Comment