Sunday, February 16, 2014

Create Fantastic Background Using Photoshop



ඔන්න මම මගේ පලවෙනි ෆොටෝෂොප් ටියුටෝරියල් එක අරන් ආව. හරි අපි බලමු කොහොමද මේ වගේ බැක්ග්‍රවුන්ඩ් එකක් ෆොටෝෂොප් වලින් හදාගන්නේ කියල


මුලින්ම Photoshop open කරගෙන new document එකක් open කරගන්න. (ctrl+N) ඒකේ width = 500px, Hieght = 500px විදිහට දීල OK  කරන්න



ඊට පස්සේ  keyboard D ප්‍රෙස් කරල  X press කරන්න එතකොට මෙහෙම වෙයි. (1)
දැන් Filter > Render > Clouds යන්න. (2) 



දැන් ආයිත් Filter > Render >  Difference Clouds යන්න. තව දෙපාරක් ඒකම කරන්න ඕනෙ. ඒකට කරන්න තියෙන්නේ crtl+F දෙපාරක් ප්‍රෙස් කරන්න



ඊට පස්සේ  Filter > Brush Strokes >  Accented Edges යන්න. ඒකේ  settings වලට Edge
Width: 2 Edge Brightness: 38 Smoothness: 5 විදිහට ලබා දෙන්න.



දැන් Filter > Distort > Polar Coordinates යන්න. ඒ ඩයලොග් බොක්ස් එකේ Rectangular to Polar. කියන එක තොරල OK කරන්න.

Filter > Stylize > Wind ගිහින් ඒකේ Method කියන එක Wind කියල තෝරල Direction එක Right තොරල OK කරන්න. ඒකම තව තුන් පාරක් කරන්න ඕනෙ. (crtl+F)



Filter > Polar Coordinates ඒකෙන්  Polar to Rectangular කියන එක තෝරල OK කරන්න.



දැන් ඔයාට මේ විදිහෙ එකක් හැදිල ඇති



දැන් තියෙන්නේ ඒක පාට කරන්න.
Image > Adjustments > Hue/Saturation යන්න. නැත්තන් Cntl + U ප්‍රෙස් කරන්න. ඒකේ Colorize කියන එකට හරිය දාල  Hue: 215 Saturation: 50 Lightness: 0 දීල OK කරන්න.
(මම මේකට දුන්නේ මම කැමති පාටක්. ඔයාලට වෙන පාටක් හදාගන්න ඕනෙ නම් හදාගන්න.)


ඊටපස්සේ ctrl + L ප්‍රෙස් කරල Levels වලට ගිහින් මේ විදිහට හදාගන්න.
(මේකත් ඔයාට කැමති විදිහට කරගන්න පුලුවන්)



දැන් ctrl + J ප්‍රෙස් කරල Layer එක Duplicate කරගන්න. ඊටපස්සේ  blending mode එක overlay කියල දීල  opacity එක 50% කරගන්න.



Duplicate Layer එක Select කරල Filter > gausian blur ගිහින් ඒකේ අගය 2.5ක් දීල OK කරන්න. එච්චරයි. දැන් ඔයාලට මේ විදිහෙ එකක් ලැබිල ඇති.



අද ටියුටෝරියල් එක ඉවරයි. තවත් ටියුටෝරියල් එකක් ළගදීම දෙන්නම්. එතකන් All In One එකත් එක්ක Touch එකේ ඉන්න. ප්‍රශ්න තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න

මෙන්න මම මේ ටියුට් එක  PDF එකක් විදිහට හැදුව. මෙතනින් බාගන්න.




Project File එක ඕනි නම් මෙතනින් ගන්න.



0 comments:

Post a Comment