Thursday, February 20, 2014

Create Any Shortcut with CLSID Codes



අද මම කියල දෙන්න හදන්නෙ වින්ඩෝස්වල තියෙන ඔප්ෂන් වලට ෂෝට්කට් හදන විදිහ. ඒ කියන්නේ Computer, Action Center, Search, Game Explorer වගේ ඒවට ලේසියෙන්ම යන්න පුලුවන් වෙන්න ෂෝට්කට් හදන්න. මේක කරන්නේ මෙහෙමයි....


මුලින්ම ඔයාට ෂෝට්කට් එක හදන්න ඕනෙ තැන (මම හදන්නේ ඩෙස්ක්ටොප් එකේ) right click කරල New ගිහින් Folder කියන එක select කරල අලුත් ෆෝල්ඩර් එකක් හදාගන්න.


ඒක කැමති නමකින් Rename කරගන්න. මම Test කියල නම් කලා.


දැන් කරන්න තියෙන්නේ මම පහලින් දාල තියෙන කෝඩ් වලින් ඔයාට ෂෝට්කට් එක හදන්න ඕනේ එකේ කෝඩ් එක කොපි කරගන්න. Copy කරගන්න කොට {  } වරහන් දෙකත් එක්කම කොපි කරගන්න.  මම ගත්තේ Power Options කියන එක.

මෙන්න කෝඩ් ටික........

Computer                 {20d04fe0-3aea-1069-a2d8-08002b30309d}
Libraries                   {031E4825-7B94-4dc3-B131-E946B44C8DD5}
Run                          {2559a1f3-21d7-11d4-bdaf-00c04f60b9f0}
Power Options         {025A5937-A6BE-4686-A844-36FE4BEC8B6D}
Games Explorer        {ED228FDF-9EA8-4870-83b1-96b02CFE0D52}
Action Center           {BB64F8A7-BEE7-4E1A-AB8D-7D8273F7FDB6}
Administrative Tools {D20EA4E1-3957-11d2-A40B-0C5020524153}
Default Programs      {17cd9488-1228-4b2f-88ce-4298e93e0966}
Recycle Bin              {645FF040-5081-101B-9F08-00AA002F954E}
Search                      {2559a1f0-21d7-11d4-bdaf-00c04f60b9f0}

දැන් ෆෝල්ඩර් එක ආයිත් Rename කරන්න යන්න. ඊටපස්සේ ෆෝල්ඩර් එකේ දැන් තියෙන නමට පස්සේ . (තිතක්) තියල කලින් කොපි කරගත්ත කෝඩ් එක පේස්ට් කරන්න. ඒ කියන්නේ මේ විදිහට....

Test.{025A5937-A6BE-4686-A844-36FE4BEC8B6D}


ඒක කරල ඉවර වෙලා Enter කරන්න. එතකොට ඔයා තෝරගත්ත එකේ අයිකන් එක ඇවිල්ල ෂෝට්කට් එක හැදෙයි.

කැමතිනම් ඒකෙ නමින්ම ආයි Rename කරගන්න.


දැන් ඒක Double Click කලාම අදාල ඒක ඕපන් වෙනවා. හරිනේ.......


මම උඩ දාල තියෙන්නේ මන් කරල බලල චෙක් කරපු කෝඩ් 10ක් විතරයි. තව ගොඩත් තියෙනවා. ඒ ඔක්කොම ඕනි නම් මෙතනින් බාගන්න.


ඔන්න මමත් දැන් ඔයාලගෙන් උදව්වක් ඉල්ලනවා. මේ විදිහට Rename කරල ෂෝට්කට් එකක් විදිහට හදාගත්ත ෆෝල්ඩර් එක ආයිත් සාමාන්‍ය ෆෝල්ඩර් එකක් විදිහට හදාගන්නේ කොහොමද???? මම දන්න විදිහට cmd එකෙන් පුලුවන්. දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න.....

0 comments:

Post a Comment