Tuesday, October 15, 2013

How to increase Boot Speed


ඔන්න අදත් වැදගත් දෙයක් අරගෙන මම ආවා.... ඔයාලගේ කම්පියුටරෙත් ඔන් වෙන්න ඒ කියන්නේ බූට් වෙන්න ගොඩක් වෙලා යනවද? මේක සාමාන්‍යයෙන් වෙන්නේ Startup programs වැඩි උනාම. ඒ කියන්නේ බූට් වෙන කොට ඔටෝ රන් වෙන සොෆ්ට්වෙයා ගොඩක් තියෙනවනම් මැෂින් එක ඔන් වෙන්න ටිකක් පරක්කු වෙනවා. මම අද කියල දෙන්න ආවේ මේකට විසදුමක්. ඒක තමයි මේ Startup programs ටිකක් අඩු කරන එක. මේක කරන්නේ මෙහෙමයි.



මුලින්ම ස්ටාට් මෙනු එකේ තියෙන සර්ච් බොක්ස් එකේ හරි නැත්තම් Windows key + R press කලාම එන Run එකේ හරි msconfig කියල ටයිප් කරල එන්ටර් කරන්න.




එතකොට System Configuration window එක ඕපන් වෙයි. ඒකේ තියෙන Startup කියන ටැබ් එක සිලෙක්ට් කලාම මේ විදිහට පෙනෙයි.



ඒකේ අපිට ඕනෙ නැති ප්‍රෝග්‍රෑම් ඉස්සරහ තියෙන හරි ලකුණ අයින් කරල OK කරන්න. දැන් හරි. බලන්න සැලකිය යුතු වෙනසක් තියෙනව නේද කියල.....

0 comments:

Post a Comment