Saturday, December 7, 2013

How to Save Web Pages as PDF... Part 2


මතකනේ මම කලින් දවසෙ වෙබ් සයිට් PDF විදිහට සේව් කරගන්න පුලුවන් සයිට් දෙකක් දුන්නා. මතක නැත්තම් මෙතනින් යන්න. මම අද අරන් ආවේ ඒකම කරන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්. මේකෙ නම තමයි Bullzip PDF Printer. නම වගේම මේක ප්‍රින්ටර් එකක්. හරි මුලින්ම මේක බාගෙන ඉන්නකෝ.


මේක දැන් ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ කරන්නේ තියෙන්නේ ඔයාට ඕනෙ වෙබ් පේජ් එකට ගිහින් කී බෝඩ් එකේ ctrl+P  Press කරන්න. නැත්තන් රයිට් ක්ලික් කරල ප්‍රින්ට් දෙන්න. (මොකද මේ සොෆ්ට්වෙයා එක කම්පියුටර් එක අදුන ගන්නේ ප්‍රින්ටර් එකක් විදිහට.) එතකොට මේ විදිහෙ වින්ඩෝ එකක් ඕපන් වෙයි. එකේදි ප්‍රින්ටර් එක විදිහට Bullzip PDF Printer කියන එක තෝරල Print කියන එක ක්ලික් කරන්න.



තත්පර 2 3කට පස්සේ මේ විදිහෙ වින්ඩෝ එකක් ඕපන් වෙයි. ඒකෙදි ඔයාට මේක සේව් කරගන්න ඕනෙ තැනයි නමයි දීල Save කරන්න.



තව තත්පර කීපයකින් මේ විදිහට පෙන්නයි.


එච්චරයි.... එහෙනම් මම ගියා....

0 comments:

Post a Comment